Wednesday, August 30, 2017

ක්‍රිකට් ඉතහාසය වෙනස් කරන්න” ශ්‍රී ලංකා ක්‍රිකට් කරන්න යන අපූරු වැඩේ මෙන්න


ක්‍රිකට් ඉතහාසය වෙනස් කරන්න” ශ්‍රී ලංකා ක්‍රිකට් කරන්න යන අපූරු වැඩේ මෙන්න


ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර එක්දින තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. පසුගියදා පැවැති පල්ලේකැලේ පැවති තුන්වෙනි එක්දින තරගය අතරතුර ප්‍රේක්ෂකයන් කලහකාරී ලෙස හැසිරුනු අතර සිවුවෙනි හා පස්වෙනි තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස පිටියේයි.
පෙර සිදුවූ කලහකාරී සිදුවීම් නිසා ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග නැරඹීමට කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙන එ්ම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර තිබෙනවා.
එ් අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන එ්ම තහනම්.
ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇති.
කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.
කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇති බවද සදහන්.මේ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද යොදවන බව සදහන්.
එමෙන්ම පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙන අතර ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක බවත් ඉතිහාසයේ ප්‍රථමවතාවට ක්‍රිඩා පිටියට පැමිණ තරග නරඹන රසිකයන් පාලනය කිරීමට කැරළි මර්දන එ්කක සහ පොලිස් ජල ප‍්‍රහාරක රථ ද යෙදවීමට කටයුතු යොදා තිබිම විශේෂයි.
පොලිස් ජල ප්‍රහාරක රථ යොදවා එවායෙන් ක්‍රිඩා රසිකයන් මර්ධනය කිරීම විහිලුවක් බවත් , ක්‍රිඩාව රදා පවතින්නේ රසිකයන් මත නිසා තාවකාලික පැලැස්තර නොයොදා ක්‍රිඩාවේ ගැටලු වලට සැබැ විසදුම් ලබා දීමට පාලනාධිකාරිය තීරණය කළ යුතු බව සමාජජාලා වෙබ් අඩවි වල ක්‍රිකට් රසිකයන් අදහස් දක්වා තිබුනා.

Thursday, August 17, 2017

ලොවම කළඹමින් පිටසක්වල ජීවීන් පිරිසක් චීනයේ ගමක ගල් ගුහාවකින් සොයා ගැනෙයි

ලොවම කළඹමින් පිටසක්වල ජීවීන් පිරිසක් චීනයේ ගමක ගල් ගුහාවකින් සොයා ගැනෙයි

 

1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි, සිසුන් කණ්ඩායමක් ද සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණේය. ඔවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. චීනයට අයත් එම පෙදෙස ගවේෂණය ආරම්භ කරද්දී ඔවුන් කිසිවකු දැන සිටියේ නැහැ ඔවුන්ට මුළු ලොවම කැළැඹිය හැකි ආකාරයේ අපූරු සොයා ගැනීමක් කළ හැකි වනු ඇති බව. එම අපූරු සොයා ගැනීම විද්‍යාවට ද අභියෝගයක් කිරීමට සමත් විය. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් පාදක කර ගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට ද පත් විය. මේ ‘ඩ්‍රෝපා පාෂාණ’ අබිරහසයි.

මහාචාර්ය චී පූ තෙයි සිසුන් හිමාල කඳුකරයට ගියේ කඳුකරයේ පිහිටා ඇති ඉපැරණි ලෙන් පිළිබඳ අධ්‍යනයක් පැවැත්වීමේ අරමුණින්ය. එම ලෙන් එකිනෙකට සම්බන්ධව පිහිටා ඇති අතර, හිමාල වැසියන් මේ ලෙන් හඳුන්වන්නේ ‘භයංකාර උලා’ යන නමිනි. හිමාල වැසියන් මේ ලෙන් ගැන කතා කරන්නේ බියකිනි. ඇතැම්හු මේ ලෙන් ගැන කතා කිරීමට පවා බියක් දක්වති. 1938 වසරේ දී ගවේෂණය සිදුවෙද්දී, මේ ලෙන් ගැන ලොව වැඩි දෙනකු දැන සිටියේ නැත. ලෙන් ගැන දැන සිටියේ ද මහාචාර්ය චී පූ තෙයි ඇතුළු පුරාවිද්‍යඥන් කිහිප දෙනකු පමණි.

මේ අඳුරු අබිරහස් ලෙන් ගවේෂණය කරමින් යද්දී, ගවේෂණ කණ්ඩායමට මුලින්ම දකින්න ලැබුණේ එම ලෙන්වල ස්වභාවික ගුප්ත සුන්දරත්වයයි.ගවේෂණ කණ්ඩායම එක් අඳුරු ගුහාවක් පිරික්සද්දී, එම ගුහාවේ සො​ෙහානක් ඇති බව ඔවුන්ට දකින්න ලැබුණි. ගවේෂණ කණ්ඩයමේ සිටි කිසිම කෙනකු, මහාචාර්ය චී පූ තෙයි පවා මෙවැනි සොයා ගැනීමක් අපේක්ෂා නොකළේය. වැඩිදුර පරීක්ෂා කරද්දී, සොහොන් වළවල් කිහිපයක් ම ඇති බව දැකින්න ලැබුණි. සොහොන නිර්මාණය කළේ කවුරුන් වුනත්, ඔවුන් ඒවා ඉතාම නිවැරදිව එක පෙළට, සොහොන් වළවල් නිර්මාණය කර තිබීම ගවේෂණ කණ්ඩායමේ මවිතයට හේතුවක් විය.

කණ්ඩායම ඉතා ප්‍රවේසමෙන් සොහොන් වළවල් හාරා බලන්න විය. ඔවුන්ට හමුවූයේ ඉතිරි වුණු අස්ථි කොටස් පමණි. බැලූ බැල්මට ඒවා මනුෂ්‍ය අස්ථි කොටස් විය. හැම සොහොන් වළකම තිබුණේ මිනිස් අස්ථිය. එහෙත් ඒවා හොඳින් පරීක්ෂා කරද්දී පෙනී ගියේ එම අස්ථි මනුෂ්‍යයන්ගේ නොවන බවය.

අස්ථිවල හැඩය, ප්‍රමාණය සාමාන්‍ය මිනිසුන්ගේ අස්ථිවලට වඩා වෙනස් විය. හැම හිස්කබලක්ම ප්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍ය හිස්කබලකට වඩා විශාල විය. විශාල හිස්කබලට සාපේක්ෂව සිරුරු ඉතා කුඩා බව පෙනී ගියේය. අත් පාවල අස්ථි ඉතා සිහින් විය. මේ මළ සිරුරු කාගේද යන්න ප්‍රශ්නාර්ථයක් විය.

ගවේෂණ කණ්ඩායම අස්ථි කොටස් පරීක්ෂා කරද්දී, ලෙන තුළ තිබී විශාල රවුම් පාෂාණයක් සොයා ගැනීමට එක් සිසුවෙක් සමත් විය. ඒ සමඟ ඒ අසල තිබී තව තවත් එවැනිම රවුම් පාෂාණ සොයා ගැනීමට ඉන්පසු හැකියාව ලැබුණි. ඒවා පාෂාණ තැටි විය. ගවේෂණ කණ්ඩායමට හමුවුණු පළමු පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් නවයකි. ඝනකම අඟලකි. පාෂාණ තැටියේ මැද ඉතා නිවැරදි සමානුපාතික විදියට සිදුරක් කපා තිබුණි. එම සිදුරේ විෂ්කම්භය අඟලකි. මේ පාෂාණ තැටිවල සර්පිලාකාර රටා කොටා තිබෙනු දකින්න ලැබුණි. ඒවා රූපාක්ෂර යැයි පසුව අනාවරණය කර ගැනිණ. ඒ අනුව, එම තැටිවල තිබුණේ සන්නිවේදනයට යොදා ගත් පැරණි සංකේත බව පෙනී යන්න විය. එම පාෂාණ තැටි ඩ්‍රෝපා තැටි යනුවෙන් නම් කෙරුණු අතර එම තැටි ආශ්‍රිත අභිරහස ඩ්‍රෝපා තැටි අභිරහස නමින් ද ප්‍රකට විය.

 ගවේෂණ කණ්ඩායම පමණක් නොවේ, විශ්ව විද්‍යාල මහාචාර්යවරු, විද්වත්හු යනා දී කවුරුත් ඩ්‍රෝපා තැටිවල ලියා ඇති දේ වටහා ගන්න, එසේ නැතිනම් එම රූපාක්ෂරවලින් පිළිබිඹු වන දේ වටහා ගන්න හුඟක් උත්සාහ කළහ. ඒත් සාර්ථක වුණේ නැහැ. ඩ්‍රෝපා රූපාක්ෂර ගැන කිසියම් හෝ අවබෝධයක් ලබා ගැනීමට හැකි වූයේ ඊට දසක දෙකකට පමණ පසුවය. ඒ, 1962 වසරේදීය.

රූපාක්ෂරවලින් කියැවෙන දේ අපට තේරෙන බසකට පරිවර්තනය කිරීමට චීන පුරා විද්‍යාඥයෙක් සමත් විය. ඔහු ආචාර්ය සුම් උම් නු ය. පාෂාණ තැටිවල ඉතිහාසය ඔහු තේරුම් ගත්තේය. ඒ ගැන පළමුවෙන් පුදුමයට පත් වූ ඔහු පසුව මුළු ලොවම පුදුමයට පත් කළේය. රූපාක්ෂරවලින් කියන්නේ මොකක්දැයි වටහා ගැනීම ඔහුට ලොකු අභියෝගයක් විය. ඊට හේතුව එම රූපාක්ෂර කිසිම විධියකින් අපේ පොත්පත්වල හෝ අප දන්නා වෙනත් භාෂාවක හෝ නොතිබීමය එපමණක් නොව, එම අක්ෂර ඉතා කුඩායි. ඒවා පැහැදිලිව කියැවීමට නම් අණ්වීක්ෂයක් අවශ්‍යය. ඒවා තැටියේ කොටා තිබුණේ සර්පිලාකාරව කිසියම් රටාවකට අනුවය.

සුම් නුම් නුයි, ඩ්‍රෝපා තැටි මැනැවින් පරීක්ෂාවට ලක් කළේය. ඔහු ඒවායේ කොටා ඇති රූපාක්ෂරවලින් කියැවෙන දේ එසේත් නැතිනම් ඒවායේ සටහන් වී තිබුණු පණිවුඩ පරිවර්තනය කළේය. ඒ වන විට මේ පාෂාණ තැටි වසර 12,000 ක් පැරණි බව ඒ වන විට තහවුරු වී තිබුණි. ඔහු පරිවර්තනය කළ පණිවුඩය එතරම් පැරණි යුගයකට ගැළපෙන්නේ කොහොමදැයි ඔහු මුලින් පුදුම විය. රූපාක්ෂරවලින් කියැවුණේ අපූරු කතාන්දරයකි. එය අභ්‍යවකාශය සම්බන්ධ කතාවකි. එහි සඳහන් වූයේ විශ්වයෙන් එසේත් නැතිනම් වෙනත් ලොවකින් මෙහෙ ආ ගගන යානයක් ගැන කතාවකි.
මේ යානය, අනතුරට පත් වී හිමාල කඳුකරයේ ‘භයංකාර උලා’ කඩා වැටුණි. තැටිවල සඳහන් වන විධියට යානයේ සිටි ජීවීන් සාමකාමීය. ඒත් එම කාලයේ එම පළාතේ ජීවත් වූ ‘හන්’ ගෝත්‍රිකයන්ට ඔවුන් වටහා ගැනීමට නොහැකි විණි. හන් ගෝත්‍රිකයන් මුලින් සිතුවේ පිටසක්වළයන් සතුරන් කියාය. එනිසා පිටසක්වළින් පැමිණි ඒ අමුත්තන් කීප දෙනකු ම ඔවුන් විසින් මරා දමනු ලැබුණි.


ඩ්‍රෝපා ජීවීන් කෙසේ හෝ හස්ත සංඥා මගින් ‘හන්’ ගෝත්‍රිකයන්ට වටහා දුන්නේ, ඔවුන් සතුරන් නොවන බවය. කල් ගතවෙද්දී හන් ගෝත්‍රිකයෝ ඒ බව විශ්වාස කරන්න වූහ. ඩ්‍රෝපාවරුන් සතුරන් නොවන බවත් ඔවුන්ගෙන් නපුරක් සිදු නොවන බවත් තහවුරු විය. ඩ්‍රෝපාවරුන්ට ගැටලුවක් වූයේ කඩා වැටුණු යානය පිළිසකර කරගෙන ආපහු ඔවුන්ගේ මවු ලෝකයට යාමට නොහැකි වීමය.

ඩ්‍රෝපාවරුන් ප්‍රමාණයෙන් කුඩාය. කුරුමිට්ටන් හා සමානය. කල් ගතවෙද්දී ඔවුහු ‘හන්’ ගෝත්‍රිකයන් සමඟ එකට ජීවත් වූහ. ඇතැම්හු හන් ගෝත්‍රිකයන් සමඟ විවාහ වූ බව ද පැවැසෙයි. සමහරු විශ්වාස කරන අන්දමට අදත් මේ ගෝත්‍ර දෙකෙන් පැවැත එන්නන් යැයි සැලකෙන ගෝත්‍රිකයන් පිරිසක් හිමාල කඳුකරයේ ජීවත් වෙන බවය. ඔවුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩි 4 1/2 ක් පමණ වෙයි.

මොවුන්ගේ මුතුන් මිත්තන් ඩ්‍රෝපාවරුන් ද? ඩ්‍රෝපා ගෝත්‍රිකයන්, ‘ඩ්‍රොක් පා’ සහ ‘සෝපා’ නම නම්වලින් ද හැඳින්වෙයි. මේ ගෝත්‍රිකයන් ගැන එකිනෙකට පරස්පර මත පළ වී ඇත. ඒවා ආන්දෝලනාත්මකය. සමහරුන් පවසන අන්දමට ඩ්‍රෝපා යනු කුරුමිටි පිටසක්වළ ජීවීන් කොට්ඨාශයකි. ඔවුන් වසර 12,000 කට කලින් චීන-ටිබෙට් දේශසීමාවට ගොඩ බැස ඇත. ඒ බව සියයට සියයක්ම ඔප්පු කරන්න සාක්ෂි නොමැත. අපට ඇති එකම සාක්ෂිය තමා අසාමාන්‍ය මළ සිරුරු සහ ඩ්‍රෝපා පාෂාණ තැටි පමණකි.

ලුසිත ජයමාන්න.
නැෂනල් ජියෝග්‍රැෆි.
වාර්තා වැඩසටහනක් ඇසුරිනි

ක්‍රිකට් ඉතහාසය වෙනස් කරන්න” ශ්‍රී ලංකා ක්‍රිකට් කරන්න යන අපූරු වැඩේ මෙන්න

ක්‍රිකට් ඉතහාසය වෙනස් කරන්න” ශ්‍රී ලංකා ක්‍රිකට් කරන්න යන අපූරු වැඩේ මෙන්න ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර එක්දින තරගාවලිය මේ දිනවල පැව...